ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000ක්

එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි. මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා Read More

ප්‍රතිපත්ති ප්‍රකාශන තැපෑලෙන්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරන්නේ තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හා අවශ්‍ය ලිපිලේඛන බෙදා හැරීමට හැකියාව ඇති බවයි.

නීති විරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 1,076කට අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රා 02ක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි Read More

කොළඹ උද්ධමනයේ නොසිතූ වෙනසක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත. මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා Read More

”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රවෙයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රව තිබේ. ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි. එම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන පිරිසගේ සහභාගීත්වයෙන්. ඒ අනුව මෙරට Read More

වරද්ද ගන්නේ නැතුව ඡන්දය දෙන්නේ මෙහෙමයි

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරයි. කෙසේ Read More

පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටියි. එහිදී Joe Root ලකුණු 143ක් රැස් කිරීමට සමත් වූ අතර Ben Duckett ලකුණු 40ක් සහ Harry Brook ලකුණු 33ක් රැස් කරමින් Read More

ඡන්දය ප්‍රකාශ කරන්න වලංගු හැඳුනුම්පත් මෙන්න

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන කාර්යාල සහ දිනයන් පිළිබඳව එම නිවේදනයේ දැක්වෙයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව Read More

පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ‘ශාමි ෂාහීද්’

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ඒ, ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී යි. මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව Read More

ඇෆ්ගනිස්ථානයට භු කම්පන තත්ත්වයක්

ඇෆ්ගනිස්ථානයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රික්‍ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් සිදුවී තිබෙන බවයි වාර්තා වෙයි. එම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන තිබේ.

t

o

p