පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක්

August 30, 2024

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටියි.

එහිදී Joe Root ලකුණු 143ක් රැස් කිරීමට සමත් වූ අතර Ben Duckett ලකුණු 40ක් සහ Harry Brook ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කරනලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී Asitha Fernando, Milan Rathnayake සහ Lahiru Kumara කඩුළු 2 බැගින් දවා ගත් අතර Prabath Jayasuriya එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

තරගයේ දෙවැනි දිනය අදයි.

t

o

p