නීති විරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

August 31, 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 1,076කට අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රා 02ක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් පසුගිය දා ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරය ආශ්‍රීතව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, වෙරළට ගසාගෙන විත් තිබූ පාර්සලයක අසුරන ලද බීඩී කොළ කිලෝ 34 ග්‍රෑම් 500 ක පමණ තොගයක් (තෙත බර සහිත), මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

t

o

p