සංචාරකයින් 2,125ක් රැගත් එම්.සී.එස්. පියෝෂියා නෞකාව කොළඹ වරායට

සංචාරකයින් 2,125 දෙනෙකු රැගත් එම්.සී.එස්. පියෝෂියා මගී ප්‍රවාහන නෞකාව අද (12) දහවල් කොළඹ වරායට සේන්දු විය. ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නෞකාව මලයාසියාවේ සිට මෙරටට පැමිණි අතර, එහි කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් සමන්විත බවයි වරාය අධිකාරිය ප්‍රකාශ කළේ. මෙරටට පැමිණි මෙම නෞකාව මීළඟට ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

රටපුරා සුරාසැල් වැසෙන විදිය ගැන දැනුම්දීමක්

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. 1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි Read More

විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනය අත්හිටුවයි

බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ආරම්භ කල වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන (17) වැනිදා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ ඇති බවද සදහන් කරයි.

නැකැත් පත්‍රයේ පරණ අවුරුද්දට ස්නානය අද

මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට යෙදී තිබේ. කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි සුදුසු බවයි අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ. නැකත් පත්‍රය

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් අද 12 ට පෙර එන්නැයි දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාවන් ලබාදී ඇත්නම් අද මධ්‍යහ්න 12ට පෙර පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඒ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකරමින්. ඒ අනුව අද මධ්‍යහ්න 12ට පෙර අදාළ අයදුම්කරුවන් පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන Read More

අලුත් අවුරුද්දට බස් රථ 300ක් එක් කිරීමට පියවර

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව දෛනික ධාවනය කරනු ලබන ලංගම බස් රථ සංඛ්‍යාවට අමතරව බස් රථ 300ක් ධාවනයට එක්කිරීමටයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙස එහි සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි. ගිනිකෙළි අනතුරු නිසා 46%ක් පමණ අත් හා ඇඟිලිවලට හානි සිදුවන බවත්, 17%ක් Read More

පළිබෝධ නාශක පනත සංශෝධනය කිරීමට සූදානම්

ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බැවින් පළිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබාදි ඇත. පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු 03ක සිර Read More

PHI සංගමයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, උත්සව සමයේ දිවයින පුරා ආහාර සැකසීමේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී ආහාර නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වෙළඳසැල් 3000කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බවයි. පසුගිය මාර්තු මස 02 වැනි සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මස අවසන් වනතුරු ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය. Read More

t

o

p