PHI සංගමයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

April 11, 2023

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, උත්සව සමයේ දිවයින පුරා ආහාර සැකසීමේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී ආහාර නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වෙළඳසැල් 3000කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බවයි.

පසුගිය මාර්තු මස 02 වැනි සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මස අවසන් වනතුරු ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

“උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්‍රිත ආහාර පරිහරණ ආයතන ගැන විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂණ කටයුතු සිදුකරනවා. අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා 19,107ක් අපි පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අතරින් 3,102 ක් ආහාර පනත උල්ලංඝනය කිරීම නිසා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පවරලා තියෙනවා. මහජනතාවට අපි කියන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා අපි කියනවා. පැමිණිල්ලක් තියෙනවා නම් 0112 63 56 75 දුරකථන අංකයට දැනුම් දුන්නොත් අපි අවශ්‍ය සේවාව කඩනමින් සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරයි.”

t

o

p