පළිබෝධ නාශක පනත සංශෝධනය කිරීමට සූදානම්

April 11, 2023

ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බැවින් පළිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබාදි ඇත.

පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු 03ක සිර දඬුවම් ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සදහන් කර ඇත.

t

o

p