වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

April 11, 2023

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙස එහි සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.

ගිනිකෙළි අනතුරු නිසා 46%ක් පමණ අත් හා ඇඟිලිවලට හානි සිදුවන බවත්, 17%ක් පමණ මුහුණට හානි සිදුවන බවත්, එමෙන්ම තවත් 17%ක් පමණ ඇස්වලට හානි සිදුවන බවත් දැක ගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියි.

t

o

p