විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් අද 12 ට පෙර එන්නැයි දැනුම්දීමක්

April 12, 2023

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාවන් ලබාදී ඇත්නම් අද මධ්‍යහ්න 12ට පෙර පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඒ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකරමින්.

ඒ අනුව අද මධ්‍යහ්න 12ට පෙර අදාළ අයදුම්කරුවන් පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

t

o

p