සංචාරකයින් 2,125ක් රැගත් එම්.සී.එස්. පියෝෂියා නෞකාව කොළඹ වරායට

April 12, 2023

සංචාරකයින් 2,125 දෙනෙකු රැගත් එම්.සී.එස්. පියෝෂියා මගී ප්‍රවාහන නෞකාව අද (12) දහවල් කොළඹ වරායට සේන්දු විය.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නෞකාව මලයාසියාවේ සිට මෙරටට පැමිණි අතර, එහි කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් සමන්විත බවයි වරාය අධිකාරිය ප්‍රකාශ කළේ.

මෙරටට පැමිණි මෙම නෞකාව මීළඟට ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

t

o

p