කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත වෙයි

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(10) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම දෛනික බිත්තර පරිභෝජනය ද ඊට සමාන ප්‍රමාණයකින් Read More

මිල්කෝ කිරිපිටි මිල පහළට

අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1050ක්. කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 190කින් පහත දමා ඇති බවයි මිල්කෝ සමාගම පවසයි.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හෙට 11 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වෙයි. Read More

රජයේ සියලුම පාසල්වලට නිවාඩුවක්

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව දන්වා සිටියි. තව ද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.09.19 දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත Read More

වසර 26කට පසු ඕවල් පිටියේ ශ්‍රී ලංකා පිල ලැබූ ටෙස්ට් ජය

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ මෙලෙස ජය වාර්තා කළේ වසර 26කට පසුවීම විශේෂත්වයකි.මෙම තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 325ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා පිලට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ Read More

ඡන්ද කාඩ් බෙදන්න තවත් දිනයක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව 14 වැනිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිට ජනතාව වෙත බෙදා අවසන් Read More

බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,491ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක්. එමෙන්ම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට Read More

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඊයේ ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර, ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු Read More

ආනයනික සිමෙන්ති සෙස් බද්ද පහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවයි සඳහන් කරයි. ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබේ. කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් Read More

සාර්ව ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්වෙයි

සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා තිබේ. ඒ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගයෙන්.‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවණතා’ යන්න මෙවර එහි තේමාවයි. මහ බැංකු අධිපති Read More

t

o

p