ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

September 9, 2024

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඊයේ ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර, ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කර තිබිණි.

ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයට තවත් ලකුණු 125ක් පසුපසින් සිටින අතර, ඔවුන්ට ඒ සඳහා දින 2ක් ඉතිරිව තිබේ.

පැතුම් නිශ්ශංක පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඊයේ සිය ටෙස්ට් දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ නිශ්ශංක පන්දු 44කදී හතරේ පහර 7ක් එල්ල කර තිබූ අතර, මෙන්ඩිස් හතරේ පහර 6ක් එල්ල කළේ පන්දු 25කට මුහුණ දෙමිනි.

එංගලන්ත පළමු ඉනිම – 325 (ඕවර 69.1)

ඔලී පෝප් 154, බෙන් ඩකට් 86 (මිලාන් රත්නායක 56/3, ධනංජය ද සිල්වා 18/2, විශ්ව ප්‍රනාන්දු 46/2, ළහිරු කුමාර 97/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ඇ.වෝක්ස් ප.හුල් 64

දිමුත් කරුණාරත්න දුවද්දි දැවී ගියා 9

කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වෝක්ස් 14

ඇන්ජලෝ මැතිව්ස් ඇ.පෝප් ප.ස්ටෝන් 3

දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.ස්ටෝන් 0

ධනංජය ද සිල්වා ඇ.බෂීර් ප.හුල් 69

කමිඳු මෙන්ඩිස් ඇ.රූට් ප.වෝක්ස් 64

මිලාන් රත්නායක ඇ.ස්මිත් ප.ස්ටෝන් 7

විශ්ව ප්‍රනාන්දු ක.මු.ක. ප.හුල් 0

ළහිරු කුමාර නොදැවී 5

අසිත ප්‍රනාන්දු ඇ.ස්මිත් ප.බෂීර් 11

අතිරේක 17

එකතුව සියල්ලන් දැවී (ඕවර 61.2) 263

කඩුලු බිඳ වැටීම: 1-34, 2-70, 3-86, 4-91, 5-93, 6-220, 7-233, 8-238, 9-248, 10-263

පන්දු යැවීම: වෝක්ස් 13-5-42-2, ඇට්කින්සන් 9-1-46-0, හුල් 11-0-53-3, ස්ටෝන් 9-3-35-3, බෂීර් 11.2-0-37-1, ලෝරන්ස් 6-0-29-0.

එංගලන්ත දෙවැනි ඉනිම

බෙන් ඩකට් ඇ.විශ්ව ප.අසිත 7

ඩෑන් ලෝරන්ස් ඇ.චන්දිමාල් ප.කුමාර 35

ඔලී පෝප් ප.කුමාර 7

ජෝ රූට් ක.මු.ක. ප.විශ්ව 12

හැරී බෘෘක් ක.මු.ක. ප.විශ්ව 3

ජෙමී ස්මිත් ඇ.මෙන්ඩිස් ප.විශ්ව 67

ක්‍රිස් වෝක්ස් ඇ.ස්මිත් ප.කුමාර 0

ගස් ඇට්කින්සන් ක.මු.ක. ප.මිලාන් 1

ඔලි ස්ටෝන් ඇ.(මධුෂ්ක) ප.කුමාර 10

ජොෂ් හුල් නොදැවී 7

ෂොයිබ් බෂීර් ඇ.(මධුෂ්ක) ප.අසිත 4

අතිරේක 3

එකතුව සියල්ලන් දැවී (34) 156

කඩුලු බිඳ වැටීම: 1-20, 2-35, 3-56, 4-66, 5-69, 6-70, 7-82, 8-140, 9-145, 10-156

පන්දු යැවීම: අසිත 12-2-49-2, මිලාන් 7-0-43-1, කුමාර 7-1-21-4, විශ්ව 8-1-40-3.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

පැතුම් නිශ්ශංක නොදැවී 53

දිමුත් කරුණාරත්න ඇ.සහ ප.වෝක්ස් 8

කුසල් මෙන්ඩිස් නොදැවී 30

අතිරේක 3

එකතුව කඩුල්ලක් දැවී (ඕවර 15) 94

කඩුලු බිඳ වැටීම: 1-39

පන්දු යැවීම: වෝක්ස් 6-0-32-1, ඇට්කින්සන් 4-0-24-0, හුල් 3-0-23-0, ස්ටෝන් 1-0-5-0, බෂීර් 1-0-7-0.

අද තරගයේ සිව්වැනි දිනයයි.

t

o

p