බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට

September 9, 2024

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,491ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක්.

එමෙන්ම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

t

o

p