ඡන්ද කාඩ් බෙදන්න තවත් දිනයක්

September 9, 2024

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව 14 වැනිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිට ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ විශේෂ බෙදා හැරීම් සිදුකල ඊයේ දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදා හැරුණු බවයි.

t

o

p