ආනයනික සිමෙන්ති සෙස් බද්ද පහළට

September 8, 2024

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවයි සඳහන් කරයි.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කරයි.

මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක යි.

t

o

p