Lanka News Page

අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි නව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය හා ඉන් ඉහළ පංති සඳහා 50%ක ධාරිතාවයෙන් උපකාරක පන්ති පවත්වා ගෙන යා හැකියි. ආගමික ස්ථානවල තනිව වැඳුම් පිඳුම් කිරීම සඳහා අවසර හිමි වෙයි. මංගල උත්සව සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 50% ක උපරිමයකට යටත්ව පැවැත්විය හැකියි. අවමංගල උත්සව සඳහා වරකට Read More

2022 නව වසර රටවැසියන් උණුසුම්ව පිළිගනී

අදින් ආරම්භ වූ 2022 නව වසර ශ්‍රී ලංකාවාසී සැමටත්, ලෝකවාසි සැමටත් සුබ නව වසරක් වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. ඔබ සියලුදෙනා නව වසරේදී ඉටු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින යහපත් බලාපොරොත්තු සහ ඉලක්ක එලෙසින්ම ඉටු වේවා යන්න නිතැතින්ම ප්‍රාර්ථනා කරනවා.

සිසුන් සියයට 50ක් කැඳවා සරසවි යළි විවෘත කෙරේ

සියයට පනහක ධාරිතාවකින් යුතුව නියමිත මාර්ගෝපදේශ පිළිපදිමින් සරසවි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා සිසුන් කැඳවීමට සෞඛ්‍ය අනුමැතිය ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ ඊයේ (28) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම එක්වී මෙම තීන්දුවගත් බවය. මේ වනතුරු සරසවි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවනු ලැබුවේ සියයට 25ක ධාරිතාවකිනි.

දියර කිරිත් හිඟවෙයි

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම Read More

යුරෝපයේ කොවිඩ් පැතිරීම තවත් ඉහළට

යුරෝපයේ මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී තිබේ. ඊයේ (28) දිනයේ ප්‍රංශයෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. උත්සවය සමය හේතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

සුනාමි ව්‍යසනයට අදට වසර 17යි

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනය ඇති වී අදට වසර 17ක් සපිරේ. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද සැමරේ. එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන Read More

වෘක රංචුවක් පැනයයි – වෙඩි ප්‍රහාරවලින් 04ක් මරුට

වෘකයින් 09 දෙනෙකුගෙන් යුත් රංචුවක් පළායාම හේතුවෙන් දකුණු දිග ප්‍රංශයේ ට්‍රොයිස් වැලීස් නැමැති සත්ත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. අදාළ වෘකයින් සිය කූඩුවලින් පැන පළායාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෘකයින් සිව්දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරනතුරු එය තාවකාලිකව වසා දමා ඇති Read More

ත්‍රි’මලේ තෙල් ටැංකි 98ක් ඉන්දියාවට

චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර 50ක කාලයකට ඉන්දියානු තෙල් සමාගමක් නොහොත් LOIC සමාගමට එම පරිශ්‍රය ලබා දීමට කටයුතු කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. Trinco Petroleum Private Limited නමැති මෙම නව පාලක සමාගමක් ස්ථාපිත කිරිමට නියමිතැයි යනුවෙන් වෘත්තීය සමිති පවසන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා කරයි

ආනයන සීමා කිරීම තවදුරටත් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ. විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයි දැනුම් දී ඇති අතර වැඩි වශයෙන් විදේශ ආයෝජන ලබා ගැනීම,අපනයනය ආදායම වැඩි කර ගැනීම,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩු කරගැනීම ඇතුළු තවත් යෝජනා Read More

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් වුණි. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව201කි. ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී Read More

t

o

p