වෘක රංචුවක් පැනයයි – වෙඩි ප්‍රහාරවලින් 04ක් මරුට

December 26, 2021

වෘකයින් 09 දෙනෙකුගෙන් යුත් රංචුවක් පළායාම හේතුවෙන් දකුණු දිග ප්‍රංශයේ ට්‍රොයිස් වැලීස් නැමැති සත්ත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

අදාළ වෘකයින් සිය කූඩුවලින් පැන පළායාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෘකයින් සිව්දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරනතුරු එය තාවකාලිකව වසා දමා ඇති අතර අක්කර 60ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම සත්ත්වෝද්‍යානයේ සතුන් 600කට අධික පිරිසක් සිටි.

t

o

p