සුනාමි ව්‍යසනයට අදට වසර 17යි

December 26, 2021

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනය ඇති වී අදට වසර 17ක් සපිරේ.

එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද සැමරේ.

එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන උත්සවය ගාල්ල ‘පැරෑලිය සුනාමි ස්මාරකය‘ අභියස දී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් පැවැත්වේ.

t

o

p