අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා කරයි

December 26, 2021

ආනයන සීමා කිරීම තවදුරටත් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයි දැනුම් දී ඇති අතර වැඩි වශයෙන් විදේශ ආයෝජන ලබා ගැනීම,අපනයනය ආදායම වැඩි කර ගැනීම,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩු කරගැනීම ඇතුළු තවත් යෝජනා රැසක් මේ සමගම යෝජනා කර තිබේ.

දැනට වැඩි වශයෙන් ඉතිරි වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන ඒවාය. ඒ අනුව දැන් සීමා කිරීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ යයි මේ මොහොතේ සලකන ඒවාය.

t

o

p