අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

January 1, 2022

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි නව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව 05 ශ්‍රේණිය හා ඉන් ඉහළ පංති සඳහා 50%ක ධාරිතාවයෙන් උපකාරක පන්ති පවත්වා ගෙන යා හැකියි.

ආගමික ස්ථානවල තනිව වැඳුම් පිඳුම් කිරීම සඳහා අවසර හිමි වෙයි.

මංගල උත්සව සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 50% ක උපරිමයකට යටත්ව පැවැත්විය හැකියි.

අවමංගල උත්සව සඳහා වරකට සිටිය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 30කි.

අවන්හල් 50 % ක ධාරිතාවයෙන් පවත්වාගෙන යා හැකි අතර එළිමහන් ආහාරපාන සපයන ස්ථානවල පුද්ගලයින් 150 ක් සඳහා අවසර හිමිවෙයි.

t

o

p