Local News

මෙරට කොරෝනා මරණ 343ක් දක්වා ඉහළට

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 729 දෙනෙකු ඊයේ (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,844ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ(05) දිනය තුළ 9,983කට  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය. ඒ Read More

සදුදා සිට ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

පෙබරවාරි 8 වන දින සිට නැවත දැනුම් දෙනතුරු ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා දැනුම් දි තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා එන්නතක් ලැබෙන තෙක් පමණක් බලා නොසිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ අඛණ්ඩව සෞඛය ආරක්ෂිත පියවර අනුගමනය නොකළහොත් වෛරසයෙන් මිදීමට නොහැකි වනු ඇති බවයි. මේ වන විට ප්‍රමුඛතාවය මත කොරෝනා එන්නත් ලබාදීම සිදුවන අතර එය පමණක් වෛරසයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසුවා.

බඹර ප්‍රහාරයකට ලක් වී පුද්ගලයෙක් මරුට

ගම්පොළ පොලිස් වසමේ උඩ ඉගුරුවත්ත ප්‍රදේශයේ දී තම ඉඩමේ ගසක කරාඹු කඩමින් සිටි පුද්ගලයෙක් බඹර ප්‍රහාරයට ලක් වී ඇත. මෙම පුද්ගලයා ගම්පොළ රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඉගුරුවත්ත දොළුව පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සමිබන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

පාර්ලිමේන්තු සභාව කතානායක නිල නිවසේ දී

කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව අද (03) කතානායක නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය අද දහවල් 12.30 ට පාර්ලිමේන්තු සභාව රැස් වීමට නියමිතයි.   මෙම රැස්විමේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමයි

අපරාධ කල්ලි සාමාජික කිඹුලාඇල ගුණා ඇතුළු 3 ක් ඉන්දියාවේදි අල්ලයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා, ඔහුගේ පුත්‍රයා සහ පාතලයට සම්බන්ධ බුම්මා නමැති දක්ෂ වෙඩික්කරු ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා පොලීසිය මාර්ගයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර මෙම පාතාල හා කුඩු ජාවාරම්වලට සම්බන්ධ පිරිස අත්අඩංගුවට Read More

ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය හිමි වේ

ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ. මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ. බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි. Read More

මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව”ආච්චිලාගෙනුත් ගේම් එකක්!

ගත වූ කාලය තුළ මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුව ඇති පරිසර හානි සම්බන්ධයෙන් තක්සේරු කොට වාර්තාවක් සැපයීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස්  දී තිබේ. මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර් ප්‍රයිවට් ලිමිටඩ් නම් නාමික  සමාගමක් විසින් පසුගිය කාලය පුරා මෙම පරිසර Read More

කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය . ඒ අතර එකම පවුලේ  අවුරුදු Read More

ඊයේ කොවිඩ් මරණ 08ක් සහ ආසාදිතයින් 848ක්

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 848ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,293ක් වනවා. අද දිනය වන විට සම්පුර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,277ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,703ක් වනවා. මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වී Read More

t

o

p