අපරාධ කල්ලි සාමාජික කිඹුලාඇල ගුණා ඇතුළු 3 ක් ඉන්දියාවේදි අල්ලයි.

February 2, 2021

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා, ඔහුගේ පුත්‍රයා සහ පාතලයට සම්බන්ධ බුම්මා නමැති දක්ෂ වෙඩික්කරු ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය මාර්ගයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර මෙම පාතාල හා කුඩු ජාවාරම්වලට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද හෙතෙම සදහන් කරයි. ඉදිරියට ද එවැනි මෙහෙයුම් කරනා බවද ඇමතිවරයා සදන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පුරහලේදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර එල්.ටී.ටී.ඊ සාමාජකියින්ට රැකවරණය දීම ඇතුලු මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම් හා පාතාල ක්‍රියාවලට චෝදනා එල්ල වී ඇති කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවට පැන ගොස් එහි සිට අපරාධ මෙහෙය වන්නෙකි.

බුම්මා හෙවෙත් කෙනඩි නමැත්තා ඒල්.ටී.ටී.ඊ වෙඩික්කරුවෙකු බවත් ඔහු දකුණේ පාතාලයේ කොස්ගොඩ සුජීගේ කල්ලියේ හා කොළඹ පාතාලයේ කුඩු සෙල්විගේ කල්ලියේ ඝාතන රැසකට චෝදනා එල්ලවීමෙන් පසු ඉන්දියාවට පැනගොස් කිඹුලා ඇලේ ගුණගේ රැකවරණ මැද සිටින බවත් හෙළිවී තිබිණි.

t

o

p