ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය හිමි වේ

February 2, 2021

ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ. මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ.

බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි. 1961 අප්‍රේල් 18 වැනි දිනැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විදේශ අමාත්‍යාංශ නිවේදනයේ මේ බව වැඩිදුරටත් සදහන් වේ.

t

o

p