මෙරට කොරෝනා මරණ 343ක් දක්වා ඉහළට

February 6, 2021

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 729 දෙනෙකු ඊයේ (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,844ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ(05) දිනය තුළ 9,983කට  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව අද වනවිට  156,310 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

t

o

p