Local News

අවිස්සාවේල්ල සමුපකාර සමිතියේ තැන්පතු කරුවන් පිළිබඳ වගකීම රජය භාරගැනීමට සූදානම් – වෙළෙඳ ඇමති

අවිස්සාවෙල්ල නැගෙනහිර හේවාගම් කෝරලයේ විවිධ සේවා සමුපකාර සමිතියේ විසින් පාලනය කරනු ලබන ග්‍රාමීය බැංකු 24 ක මුදල් තැන්පත් කළ 1,15,000 වන තැන්පත්කරුවන්ට අයත් රුපියල් මිලියන 545 ක මුදල 2015 වසරේ සිට එම තැන්පත්කරුවන්ට ආපසු ලබා දී නොමැත . කෙසේ වෙතත් මේ වන විට අදාල අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව පාලක මණ්ඩලයක් යටතේ  මෙම විවිධ සේවා Read More

බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කී පසුයි

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා අද (08) ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉල්ලා ඇති බවත් ඉදිරි දින දෙක තුළ එය ලැබීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී Read More

ආර්ථිකය කඩා වැටී ඇත්තේ කොරෝනාවෙන් නොව ආණ්ඩුවේ අදක්ෂකමෙන් – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවට ආ⁣ර්ථික පසුබෑමක් ඇති වී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා නොව ආණ්ඩුවේ අදක්ෂකම නිසා යැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7)පැවසීය . කොරෝනාවලින් වූ පසුබෑම තව වසර දෙකකින් පමණ යථා තත්ත්වයට පත් විය හැකි නමුත්  ආණ්ඩුවට දැක්මක් සහ ප්‍රතිපත්තියක් නැති කම නිසා රට දරුණු අගාධයකට ඇද ගෙන යමින් සිටින බව Read More

මත්ද්‍රව්‍ය සමග මෙරට යාත්‍රා 3 ක් හා 12 දෙනෙක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් අල්ලයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහි සිටි තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද වාර්තා වේ. එම බෝට්ටුවල තිබි කොකේන් කිලෝ 200 ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ Read More

අන්තර්ජාල වංචා නිසා විසා නොමැති විදේශීකයන් සොයා මෙහෙයුම්

අන්තර්ජාල වංචා විශාල ප්‍රමාණයක් සිදුව ඇති බැවින් වීසා නොමැතිව රට තුළ රැඳී සිටින විදේශිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බව පොලීසිය පවසයි. විසා නොමැතිව රැඳී සිටින ඇතැම් විදේශිකයින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවන් කළ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී Read More

අකුණු අනතුරු පිළිබඳ අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අකුණු අවදානම තදින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව ක්‍රියා කරන ලෙසද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මධ්‍යම, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලද මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි වැටීම් අපේක්ෂා කළ Read More

කලු ඉරිදා විරෝධතාවය ඇරඹේ

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කතෝලික ජනතාව අද දිනය “කලු ඉරිදා” ලෙස නම් කරමින් නිහඬ විරෝධතාවයක යෙදීම සිදුකරනු ලබනවා. රට පුරා පිහිටි කතෝලික දේවස්ථාන ඉදිරිපිට කලු ඇඳුමින් සැරසුණු ජනතාව මෙම විරෝධතාවය සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් Read More

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතනවලින් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ඔස්සේ සහතික කිරීමට මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැලසෙනවා. පුද්ගල දත්ත ඔන්ලයින් ක්‍රමවේදයට තහවුරු කිරීමේ සේවාව ලබා Read More

ගෑස් හා කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලීමක්

කිරිපිටි සමාගම් තුනක් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 40කින් කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 100කින්ද මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණි. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සිකුරාදා (05 ) එම සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට සහනයක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබූ වරාය හා රේගු නිෂ්කාශන බද්ද Read More

කාන්තාවන්ට සිදු වන වෙනස්කම් සහ අයිතිවාසිකම් කඩවීම් සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ Read More

t

o

p