Local News

නැවතත් රට ලොක්ඩවුන් කරයි ද?

රට නොවසා, කොරෝනාවෛරසය පැතිරීමට ඉඩ නොදී කටයුතු කිරීම සඳහා ජනතාව පුරුදු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. වසර ගණනක් රට වසා තබා සිදු වූ හානිය අතිමහත් ය. රට වසා තබන විට ආසාදිතයින් සංඛ්‍යාව පහළ යන බව ත් රට විවෘත කළ පසු එම සංඛ්‍යාව යළි ඉහළ යන බවත් Read More

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ගැන දැනුම්දීමක්

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා වන ක්ෂේත්‍ර ගණන්ගැනීමේ කාලසීමාව තුළ ග්‍රාම නිලධාරී ස්ථානමාරුවීම් සහ ග්‍රාම නිලධාරී කාර්යාල දින සීමාකිරීමට තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන පෙබරවාරි මස පළමුවනදා සිට ජුනි Read More

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. චන්දිම ජීවන්දර මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය විසින් නිකුත් කරන Read More

කථානායකට කොවිඩ්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කළ දිනයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබේ.

ලංවිම සභාපති ඉල්ලා අස්වේ

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

අද(26) බලාගාරවල තෙල් අවසන් වෙයි

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී. කැලණිතිස්ස බලාගාරයට ලබාදුන් ඩීසල් අද අවසන් වන බව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය. සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට දැවි තෙල් ඇත්තේ අද දිනය සදහා පමණක් යයිද ඔහු පැවසීය.

වැඩි කළ 5000 ඉල්ලා කලාපේ සේවකයෝ උද්ඝෝෂණයක

රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 5000 මාසික දීමනාව වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටත් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා බියගම නිදහස් වෙළෙද කලාපයේ සේවක සේවිකාවෝ ඉකුත් සිකුරාදා ( 21 ) පස්වරුවේ එම වෙළෙඳ කලාපයේ ප්‍රධාන දොරටුව අසල දී උද්ඝෝෂණයක යෙදුනහ. වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය මඟින් සංවිධාන කර තිබූ මේ උද්ඝෝෂණයට සේවක සේවිකාවෝ 600කට අධික පිරිසක් සහභාගී Read More

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කිරීම හෙට සිට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව ය. මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

රිජ්වේ ආර්යා රෝහලේ කොරෝනා රෝගී දරුවන් 40 ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුණු රෝගී දරුවන් 40 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ ය. රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවයි.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙයි ?

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මගින් දන්වා ඇත. එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා Read More

t

o

p