Special News

අද සිට පනත් 02ක් බලාත්මක වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම පසුගිය ජූලි Read More

මහජන ක්ෂේත්‍රය තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමක්

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවත්විණි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ. Read More

පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට උපදෙස්

වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු Read More

ICC ක්‍රිකට් ලෝක කුසලානය සියැසින් දැකගැනීමට ඔබට අවස්ථාවක්

අද(14) ලංකාවට පැමිණි 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය අද සිට මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ඒ අනුව කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3:00 සිට රාත්‍රී 8:00 දක්වා One Galle Face Mall හිදී ලෝක කුසලාන කුසලානය නැරඹීමට ද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවෙයි. හෙට (15) දිනයේදී ශ්‍රී Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් යෙදීම සඳහා ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවට ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ජර්මානු කාර්මික Read More

දේශගුණික විපර්යාසවලින් රටවල් රැසක් අනතුරේ

පෘථිවියේ පැවැත්ම දේශගුණික විපර්යාස වලින් දැඩි තර්ජනයට ලක්වී ඇති යුගයක බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාස අභියෝගයට මුහුණ දීමට සහයෝගය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා G20 සමුළුවේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අභීයෝගය ජයගැනීමට G20 සමුළුවේ රටවල් පොරොන්දු වූ පරිදි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 100 බැගින් Read More

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසිය යුතු වේ. ශ්‍රී ලංකා Read More

උපයනවිට බද්ද සංශෝධනය ගැන දේශීය අදායම්බදු දෙපාර්තමේන්තුවෙන් නව වැඩ පිළිවෙලක්

උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගැනීමට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. ඒ බදු සංශෝධන ක්රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම මහතාගේ සභාපතිත්වයෙන් පාර්මෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම සාකච්ජාවේදී Read More

කිලිනොච්චියට මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

කිලිනොච්චියේ පූනකරි වැව මූලික කර ගනිමින් මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබේ. මෙම යෝජනාව පිළිගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාව තුළ කඩිනම් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, අනාගත ආයෝජකයින්ගෙන් පොලී යෝජනා කැඳවීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ බව රජය ප්‍රකාශ කරයි. 100% සෘජු Read More

මිල අඩුවට ඉන්ධන ලබා ගන්න තැනක් විවෘත කරයි

සිනොපෙක් සමාගම විසින් තවත් ඉන්ධන පිරවුම්හලක් මගින් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හැරීම අද(13) සිට ආරම්භ කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් සිනොපෙක් සමාගම යටතේ ඉන්ධන බෙදා හැරෙන බව සඳහන්. සිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය මත්තේගොඩදී පසුගිය දා විවෘත කරන ලදි.

t

o

p