ICC ක්‍රිකට් ලෝක කුසලානය සියැසින් දැකගැනීමට ඔබට අවස්ථාවක්

September 14, 2023

අද(14) ලංකාවට පැමිණි 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය අද සිට මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

ඒ අනුව කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3:00 සිට රාත්‍රී 8:00 දක්වා One Galle Face Mall හිදී ලෝක කුසලාන කුසලානය නැරඹීමට ද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවෙයි.

හෙට (15) දිනයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙන් කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

t

o

p