දේශගුණික විපර්යාසවලින් රටවල් රැසක් අනතුරේ

September 14, 2023

පෘථිවියේ පැවැත්ම දේශගුණික විපර්යාස වලින් දැඩි තර්ජනයට ලක්වී ඇති යුගයක බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාස අභියෝගයට මුහුණ දීමට සහයෝගය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා G20 සමුළුවේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අභීයෝගය ජයගැනීමට G20 සමුළුවේ රටවල් පොරොන්දු වූ පරිදි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 100 බැගින් ලබාදී සෙසු රටවලටත් ආදර්ශයක් වන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී නිමාවට පත්වූ G20 සමුළුවේ දෙවැනි හා අවසන් දිනයේදී දේශනයක් කරමින් ඇය මේ ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

දේශගුණික විපර්යාසයට ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අවදානමට ලක්විය හැකි රටවලට ආධාර කිරීමට දැනටමත් ඩොලර් බිලියන 40කට වඩා වෙන් කර ඇති බවත් ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සඳහන් කර ඇත.

t

o

p