කිලිනොච්චියට මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

September 13, 2023

කිලිනොච්චියේ පූනකරි වැව මූලික කර ගනිමින් මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබේ.

මෙම යෝජනාව පිළිගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව තුළ කඩිනම් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, අනාගත ආයෝජකයින්ගෙන් පොලී යෝජනා කැඳවීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ බව රජය ප්‍රකාශ කරයි.

100% සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1,727 ක සම්පූර්ණ ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

t

o

p