Sports

ක්‍රීඩා ඇමතිගෙන් ගැසට් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයේ සඳහන්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවය. ඒ අනුව බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇත.

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. අයවැය කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට අද (දෙසැ. 4) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට ඉදිරියේදී මෙම තේරීම් කමිටුව පත් කෙරෙනු ඇත. ජාත්‍යන්තර Read More

බෙන් ස්ටෝක්ස් 2024 IPL තරඟාවලියෙන් ඉවත් වෙයි

2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර තිබේ. තම රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කලමනාකරණය කර ගැනීමට මෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඔහුගේ කණ්ඩායම් කාර්ය භාරය සහ යෝග්‍යතාවය කළමනාකරණය කර Read More

ICCයෙන් සතුටු දායක ආරංචියක්

ශ්‍රී ලංකාවට තව දුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඒ, අහමදාබාද්හි දී රැස් වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පාලන මණ්ඩල රැස්වීමේ දී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය 10 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පාලන මණ්ඩලය ගත් තීරණයද තහවුරු කළ බව අන්තර්ජාතක ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. නමුත්, ශ්‍රී Read More

අයි.සී.සීය නම් කළ 2023 ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

සති 06ක කාලයක් පුරා දිග හැරුණු එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (19) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව ශූරතාව හිමිකර ගනිමින් අවසන් විය. තරගාවලිය එලෙස අවසන් වීමෙන් අනතුරුව, මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට නම්කර තිබේ. ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත්තේ Read More

විශාල ජනකායක් නිහඬ කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් සුදානම් වෙයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසයි. විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ Read More

ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.ඒ නවසීලන්තය සමග පැවැති තරගය ලකුණු 70කින් ජය ගනිමින්. තරගය ආරම්භයට පෙර මුම්බායිහි, වංකඩේ ක්‍රීඩා පිටියේ තණතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය. තරගය 7 වැනි තණතීරුවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය 6 වැනි තණතීරුවට මාරු කළ බව විදෙස් Read More

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අද ඇරඹෙ‍යි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙයි. අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදියි. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය Read More

ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වෙයි. එම තරග එළඹෙන 16 වනදා Eden Gardens Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (10) රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බවයි. මෙම ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය Read More

t

o

p