ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

November 16, 2023

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ නවසීලන්තය සමග පැවැති තරගය ලකුණු 70කින් ජය ගනිමින්.

තරගය ආරම්භයට පෙර මුම්බායිහි, වංකඩේ ක්‍රීඩා පිටියේ තණතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය.

තරගය 7 වැනි තණතීරුවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය 6 වැනි තණතීරුවට මාරු කළ බව විදෙස් මාධ්‍යවල සඳහන්.

මෙම 6 වැනි තණතීරුවේ තරගාවලියේ තරග 2ක් පැවැත්විනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක ජයක් ලැබූ තරගයද ඊට ඇතුළත් වේ.

මෙම තණතීරුවේ එංගලන්තය සමග පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 229කිනි.

ඩේලිමේල් පුවත් සේවය වාර්තා කළේ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවසරයකින් තොරව එලෙස තණතීරුව වෙනස් කළ නොහැකි බවයි.

t

o

p