ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අද ඇරඹෙ‍යි

November 15, 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙයි.

අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදියි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර තිබීම සහ තවත් කණ්ඩායම් දෙකක් සිය කුළුඳුල් ලෝක කුසලානයක පහස විඳ දරාගැනීමට බලාපොරොත්තු දල්වා සිටීමයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එලෙස කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැති කණ්ඩායම් වෙයි.

t

o

p