විශාල ජනකායක් නිහඬ කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් සුදානම් වෙයි

November 18, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසයි.

විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබේ.

t

o

p