උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

December 4, 2023

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

අයවැය කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට අද (දෙසැ. 4) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට ඉදිරියේදී මෙම තේරීම් කමිටුව පත් කෙරෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තහනම “නොබෝ දිනකින්” ඉවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

t

o

p