පාවහන් වව්චර් දෙන්න කෝටි 22ක්

December 5, 2023

දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා ප්‍රදේශවල සිසු දරු දැරියන්, තෝරාගත් පිරිවෙන් භික්ෂූන් වහන්සේලා, සිල්මාතාවන් 747093 දෙනකු සඳහා රුපියල් 3000ක වටිනා පාවහන් වව්චර්පත් ලබාදීමට රුපියල් මිලියන 2,200ක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර, මේ සම්බන්ධව මවුපියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබේ. මීට අදාළ චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් වෙත නිකුත් කර ඇත.

එළඹෙන පෙබරවාරි මස 19 වැනි දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබා දී අවසන් කරන බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන්ට පාවහන් තිළිණ පත් බෙදාදීම වෙනුවෙන් ඊයේ (04) පැවති උත්සවයේ දී පැවසුවේය.

t

o

p