පාසැල් ශ්‍රේණි සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්

December 4, 2023

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීහු පැවසූහ. ඒ අනුව පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6- 8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.

පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර ඇත.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත. එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇත. එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

t

o

p