අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද මෙරටට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණෙයි. එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින් දේශපාලන බලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

ලෝක පාසැල් චෙස් ශූරයෝ පැමිණෙයි

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි. රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටියි. මෙම තරගාවලිය ඉකුත් පසුගිය Read More

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන Read More

පාරම්පරික දේශීය වෛද්‍යවරු 51කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙයි

සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍ය වෘත්තිකයන් 51දෙනකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. එහිදී දිවයින පුරා සිටින පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් 13ක්, කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් 30ක්, චර්ම රෝග වෛද්‍යවරුන් 03ක්, ගෙඩි වන වෛද්‍යවරයකු, දැවුම් Read More

ජපන් වාහන ආනයනය ගැන දැනුම්දීමක්

වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක පවසයි. ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති Read More

මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 176 ක්

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 176ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුවිය. අ.පො.ස උසස් පෙල විශය ධාරාව සදහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැදවා ලිඛිත තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරුන් තෝරාගැනීම සිදුකළ අතර, පත්වීම් ප්‍රදානයට එක් වෙමින් Read More

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහන සඳහා වැය වන මුදල රුපියල් බිලියන 26ක් – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. රටේ සියලු‍ ම Read More

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ. සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත. මේ සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට Read More

ලෝක මව්වරුන්ගේ දිනය අදයි 

ලෝක මව්වරුන්ගේ දිනය අදට(12) යෙදී තිබේ.මවකගේ සෙනෙහස අන් කිසිවකට සමාන කරන්න බැහැ.මන්ද ඒ සෙනෙහසින් ලැබෙන ශක්තිය, ධෛර්යය, දයාව සහ අම්මා සමග ඇති බැඳීම නිසා සෑම දරුවෙක්ම ශක්තිමත් සහ ආදරණීය දරුවෙක් වීමයි. මව්වරුන්ගේ දිනය සෑම වසරකම මැයි මාසයේදී සමරනු ලබයි. මවක් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන අතර ඇයව හදුන්වන්නේ පවුලේ හද ගැස්ම ලෙසයි.ඒ නිසාම මාතෘත්වයේ මෙම සැමරීම Read More

t

o

p