Lanka News Page

මාලදිවයිනේ නව මහ කොමසාරිස්, ආරක්‍ෂක ලේකම් හමුවට

ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත් වූ Masood Imad මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය. එහිදී නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ආරක්‍ෂක ලේකම්වරයා ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ අතර දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් Read More

සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් සංවර්ධනය කරයි

හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව එය ක්‍රියාත්මක කරයි. මෙලෙස Read More

තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

‌ඩොලරය පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. මහජන Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍යයි – ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී Read More

ගෑස් මිලත් සංශෝධනය වෙයි : මිල ගණන් අද ප්‍රකාශයට පත්කෙරේ

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි. පසුගිය ජුනි මස 4 වැනිදා අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකරනලදි.ඒ, මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුවයි.එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් ඇත. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ සඳහන් කළේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බවය. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවත් දුම්රිය ධාවනය එක් මාර්ගයකින් පමණක් සිදුවන බවත් සදහන් කරයි. එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට Read More

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය

වසර 28ට පසු ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් කාරක සභාව රැස්විය. 1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සදහා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය Read More

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට සූදානම්

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. UNCTAD (United Nations Conference on Trade And Development ) සංවිධානයේ මෙහෙයවීම මතයි. මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකක් තුළ වී වගාව සඳහා ලබා දීමට Read More

පාසල් මට්ටමේ සිට ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් වැඩසටහනක්

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. Read More

t

o

p