මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

July 2, 2024

බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් ඇත.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ සඳහන් කළේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බවය.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවත් දුම්රිය ධාවනය එක් මාර්ගයකින් පමණක් සිදුවන බවත් සදහන් කරයි.

එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

t

o

p