ගෑස් මිලත් සංශෝධනය වෙයි : මිල ගණන් අද ප්‍රකාශයට පත්කෙරේ

July 2, 2024

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි.

පසුගිය ජුනි මස 4 වැනිදා අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකරනලදි.ඒ, මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුවයි.එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකරනලදි.

ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වෙයි.කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩුකෙරුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩුකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගන්නාලදි.

t

o

p