විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය

July 1, 2024

වසර 28ට පසු ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් කාරක සභාව රැස්විය.

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සදහා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනලදි.

මුදල් කාරක සභාවට එක්වූ නිලධාරීන් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවයි.

t

o

p