Lanka News Page

150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්

150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්‌ හෙට (08) සිට ඔක්‍තෝබර් 12 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය පෙ.ව 09.00 සිට ප.ව. 06.00 දක්වා තැපැල්‌ මූලස්ථානයේදී පැවැත්වීමට තැපැල්‌ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශයේ ලේකම් රංජිත්‌ ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් වැඩ බලන තනතුර වෙනුවට සනත් Read More

යුද ගැටුම් වැඩි වුනොත් ලාංකිකයන්ගේ රැකියා ගැන අවධානමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 කගේ ජීවිත සහ රැකියා පිළිබඳ අවධානමක් මතුවිය හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර ඇතිවෙන ගැටුම්වලින් සෘජුවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන බවය. එමෙන්ම යම් හෙයකින් ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් Read More

බදු නොගෙවූ අය සොයාගෙන එන මෙහෙයුමක් හෙට සිට

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍රවෙත ගොස් බදු අයකර ගැනීමට ක්‍රියා කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. හෙට (07) දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි. මේ වසරට අදාළව පසුගිය සැප්තැම්බර් මස අවසන් වනවිට රුපියල් බිලියන 1417ක මුදලක් අයකරගෙන තිබේ. Read More

අර්තාපල් සහ ළූණු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කරයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා Read More

ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක්

ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් මඟින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට Read More

වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා සෝචනීය තත්ත්වයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැඩිහිටියන්ගේ විවිධ නොපනත්කම්වල ගොදුරක් බවට දරුවන් පත්ව ඇතැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පාසල් ළමාරක්ෂක කමිටුව හෙවත් “සුරැකුම් පවුර” පිහිටුවීම සහ පාසල් ළමා ආරක්ෂාව සක්‍රීය කිරීම Read More

ගාලු කොටුවේ එක් මාර්ග නීතියක් අත්හිටුවයි

ගාලු කොටුව තුළ රථ වාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිශාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය ඊයේ (04) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ගාල්ල මහ නගර සභාවේ රථ වාහන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙයි. එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළේ මෙම මංතීරු නීතිය නිසා ත්‍රිරෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව සහ නීතිඥවරු පිරිසක් Read More

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරයි

මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය. මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත. කෙසේ නමුත් Read More

t

o

p