යුද ගැටුම් වැඩි වුනොත් ලාංකිකයන්ගේ රැකියා ගැන අවධානමක්

October 7, 2024

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 කගේ ජීවිත සහ රැකියා පිළිබඳ අවධානමක් මතුවිය හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර ඇතිවෙන ගැටුම්වලින් සෘජුවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන බවය.

එමෙන්ම යම් හෙයකින් ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ගබඩා කර ඇති ස්ථාන සහ නිෂ්පාදනය කරන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කළහොත් එම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් ද ඉහළ යා හැකි බව හෙතෙම කියා සිටියි.

t

o

p