බදු නොගෙවූ අය සොයාගෙන එන මෙහෙයුමක් හෙට සිට

October 6, 2024

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍රවෙත ගොස් බදු අයකර ගැනීමට ක්‍රියා කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (07) දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

මේ වසරට අදාළව පසුගිය සැප්තැම්බර් මස අවසන් වනවිට රුපියල් බිලියන 1417ක මුදලක් අයකරගෙන තිබේ.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හදුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අයකර ගැනීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අයකර ගැනීමේ දී නීතිමය ක්‍රම වේද සපුරා ක්ෂණික අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p