ගාලු කොටුවේ එක් මාර්ග නීතියක් අත්හිටුවයි

October 5, 2024

ගාලු කොටුව තුළ රථ වාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිශාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය ඊයේ (04) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගාල්ල මහ නගර සභාවේ රථ වාහන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළේ මෙම මංතීරු නීතිය නිසා ත්‍රිරෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව සහ නීතිඥවරු පිරිසක් ඇතුලු මහජනතාව කළ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

t

o

p