Lanka News Page

මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු සියල්ල අවසන්

ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එක් Read More

මගේ අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීමයි – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කරනලදි. කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා Read More

ඔලිම්පික් උලෙළ අති උත්කර්ෂවත් ව ඇරඹෙයි

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි දිගහැරුම ප්‍රංශයේ පැරිස් නුවරදී අද (27) අළුයම නිල වශයෙන් ආරම්භ විය. ඔලිම්පික් සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වීමට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුණි. ඒ අනුව පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ පැරිස් Read More

ජනපති පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වෙත ස්තූතිය පළකරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ Read More

තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදි පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19යි පන්දු 5කදී Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබේ. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 13 ත් 23 ත් සහ නැගෙනහිර Read More

ගුවනින් ආ මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් තොගයක් රේගු භාරයට

FZ 549 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් පිළිවෙලින් 20,200ක හා 21,200ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු නිළධාරීන් සමත්විය. මෙම සැකකරුවන් පොළොන්නරුව හා තලවතුගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු. 4,175,000ක් පමන වේ. යම් හෙයකින් මෙම සිගරට් තොගය Read More

පාන් මිළ පහළට

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.

ලංකාවේ දිගම කණු මත දිවෙන අධිවේගී මාර්ගයේ දෙපස යා කෙරේ

මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ වරාය නගරය සහ ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අන්ත දෙකක් ඔස්සේ සිදු වෙමින් පැවැති ඉදිකිරීම් එකිනෙක යා කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කෙරෙන ඓතිහාසික Read More

ගොවි පවුල් 3476කට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථිකය අර්බුදය සැළකිල්ලට ගනිමින් ආහාර සුරක්ෂිතතාව හා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීම අරමුණු කර ගනිමින් Qatar Charity සංවිධානය විසින් අපේ රටේ දිස්ත්‍රික්ක තුනක ගොවිපවුල් 3746කට නොමිලයේ යුරියා,TSP සහ MOP පොහොර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙම කාරණය සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා Qatar Charity Read More

t

o

p