ගොවි පවුල් 3476කට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහනක්

July 26, 2024

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථිකය අර්බුදය සැළකිල්ලට ගනිමින් ආහාර සුරක්ෂිතතාව හා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීම අරමුණු කර ගනිමින් Qatar Charity සංවිධානය විසින් අපේ රටේ දිස්ත්‍රික්ක තුනක ගොවිපවුල් 3746කට නොමිලයේ යුරියා,TSP සහ MOP පොහොර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම කාරණය සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා Qatar Charity සංවිධානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනලදි.

මෙම අවබෝධතා ගිවිසුම අනුව කුරුණෑගල, මාතලේ හා මොණරාගල යන දිස්ත්‍රික්ක තුනේ ගොවීන් 3476කට නොමිලයේ යුරියා, TSP සහ MOP පොහොර ලබා දීමට සැළසුම් කර තිබේ. මෙම ගිවිසුම අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1476ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1000ක් හා මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවින් 1000ක් ද වශයෙන් තෝරාගෙන තිබේ.

තෝරාගත් ප්‍රතිලාභී ගොවිපවුලක් සඳහා යුරියා, TSP සහ MOP පොහොර කිලෝග්‍රෑම් 25ක මිටියක් බැගින් සපයනු ලබයි.

මේ සඳහා වන ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දිස්ත්‍රික් ලේකම්වරු, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගෙන් තොරතුරු ලබා ගැනීම මත එම කටයුතු සිදු කර තිබේ.

t

o

p