ගුවනින් ආ මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් තොගයක් රේගු භාරයට

July 26, 2024

FZ 549 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් පිළිවෙලින් 20,200ක හා 21,200ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු නිළධාරීන් සමත්විය.

මෙම සැකකරුවන් පොළොන්නරුව හා තලවතුගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු. 4,175,000ක් පමන වේ. යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,200,000ක් පමන වන බව ගණනය කර ඇත.

1999 අංක 8 දරණ දුම්කොල බදු පනත හා 2004 අංක 9 දරණ සංශෝධිත දුම්කොල බදු පනතට අනුව මෙරටට නිසි බලපත්‍රයක් නොමැතිව දුම්කොල අඩංගු දුම්වැටි හෝ එහි නිශ්පාදන ගෙන ඒම තහනම් වන අතර නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කර ඇත.

t

o

p