Lanka News Page

ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙන නිසා බවයි වාර්තා වෙයි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් Read More

ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්

ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. පිහි ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (24) පැවැති උත්සවයක් අතරතුරේදීය. උත්සවය පැවැත්වූයේ සොලින්ගන් නගරයේ ආරම්භය සනිටුහන් කරමින් නගරයට වසර 650 ක් පිරීම නිමිත්තෙනි. සොලින්ගන් ජර්මනියේ ප්‍රධාන කාර්මික නගරයයි.

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ Read More

ගාසා සටන් විරාම සාකච්ඡාවට හමාස් දූත පිරිස ඊජිප්තුවට

ගාසා සටන් විරාම සාකච්ඡාට සහභාගී වීම සඳහා හමාස් නියෝජිත කණ්ඩායම ඊජිප්තුවේ කයිරෝ හමාස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසාත් අල්-රිෂ්ක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල නියෝජිතයින් පසුගිය බ්‍රහස්පතින්දා කයිරෝ හි නව රැස්වීම් වටය ආරම්භ කළ අතර එහිදී සටන් විරාම යෝජනාවක් පිළිබඳ පවතින මතභේද විසඳා ගැනීමේ අරමුණින් දින දෙකක් Read More

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන සඳුදා (26දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත.

ලංකාවට කොරියාවෙන් ආයෝජන රැසක්

දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන යොං-ජෝ මුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ පැවැත්විය. මෙරට බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ යොං-ජෝ මුන් මහතා ප්‍රකාශ කළේ තමන් සභාපතිත්වය දරන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුබද්ධ ව්‍යවසායකයන් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා Read More

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක්

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේ දී අනුමැතිය ගැනීමට ද නියමිතයි. ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි. සමගි ජන Read More

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුුව පවසයි. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී Read More

නිදහස් පක්ෂ ප්‍රබලයෝ දෙදෙනෙක්ගේ සහාය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරයන් දෙදෙනෙක්. ඔවුන් ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ සහය ලබා දෙන බවට ප්‍රකාශ කරනලදි.

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ https://pravesha.lk/en වෙබ් අඩවිය හරහා පහසුවෙන් මෙම E-Ticket පත් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි. එම වෙබ් අඩවියට තමන්ගේ ගමන් විස්තර ඇතුළත් කර මුදල් ගෙවීමෙන් අනතුරුව අදාළ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට හැකියාව පවතී.

t

o

p