එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක්

August 24, 2024

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේ දී අනුමැතිය ගැනීමට ද නියමිතයි.

ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතයි.

t

o

p